Ticker

6/recent/ticker-posts

අනුන්ගේ වල්කම් සොයන වල් සිත්

 


අනුන්ගේ වල්කම් සොයන වල් සිත්

අනුන් දකින සෙළුවක් ගැන නොදකින හා නොසිතන අයෙක් හැඩරුව  හා ප්‍රසන්න බව මතු කරන
සහ නිර්මාණශීලීත්වය උකහා දක්වන තමුන් රිසි ඇඳුම් අඳිති. එහි කිසිම වල් කමක් ඔවූහු නො දකිති. ඔවූහු තුටු වෙති. 

සොබාදහමට තහංචි නැත

මල් නෙක වර්ණ වලින් සහ නෙක සුවඳින් පැහැපත්ව ලොව සතුටු කරන්නා සේ
සොබා දහමේ උතුම්ම නිමැවුව වන මනුෂ්‍යයා අතින්  ගැහැණු පිරිමි භේදයකින් තොරව විවිධ මෝස්තර කළින් කලට එළි දැක්වෙයි. ජීවිතයේ මිහිරියාව තමුන් ද අත්දකිමින් පිරිසිදු සිතින් ලොවටම දායාද කරයි.

විඳීම හා විඳවීම

එහෙත් විවිධ සංස්කෘතික හා ආගමික බැඳීම් වලින් සොබා දහමට එරෙහි වැටවල් බැඳගත් මිනිසා
ජීවිතය විඳවයි. අනුන්ට විඳීමට ලැබී අවස්ථාවට තහංචි පනවයි. අනෙකාගේ නිරුවත සොයන්නා ඒවා අඳින තැනැත්තාට වඩා අසංවර හැඟීම් ඇති අය බව තේරුම් ගැනීමට දාර්ශනික චින්තනයක්
අවශ්‍ය නොවේ.



·       පාරේ යන්නවත් නිදහසක් නැද්ද?

පාර අයින්වල රැඳී (විශේෂයෙන්ම ලොවට ශාන්තිය ගෙනෙන සන්ධ්‍යා වරුවේ) කාලය
කා දමමින් ගුණාත්මක සංවාද වෙනුවට පාරේ  යන එන අයගේ නිදහසක බාධා කරමින් ඇද කුද සොයමින් ඉදිරියට එන ආකාරය බලා නැවත පසුක්ර යන අයගේ පස්ස පැත්ත දෙස බලමින් කාරා කෙළ ගසමින් නොසරුප් වදන් මුදා හරිමින් කටයුතු කරන බව රහසක් නොවේ. මහජනතාවගේ පොදු සේවාවක් වන ද ත්‍රි රෝද අංගනවල සමහර තැන්වල සිටින අසංවර රියැදුරන් අතලොස්සක්ද මෙසේ කටයුතු කිරීම්ත් විශේෂයෙන්ම මෙවැනි අසංවර පුද්ගලයින් පාසැල් දැරියන් විශේෂයෙන් ඉලක්ක කර ගැනීමත්
ශෝචනීයය.

ලිංගික අධ්‍යාපනය අහිමි වීමේ ඛේදවාචකය

සංස්කෘතිය වඩම්මවා ගෙන යෑමට තැත් දරන කුහකයින් එදා උඩුකය පවා නිරාවරණය කළ කාන්තාවන් සිටි බව නොදනිත් ද?    

ස්වභාවික ලිංගික ආශා ගැන අවබෝධයකින් තොරව පාසැල් අධ්‍යාපනය තුළදී ලිංගික අධ්‍යාපන ආභාෂයකින් තොරව වැඩෙන සමාජයක විරුද්ධ ලිංගිකයා ගැන ගෞරවනීය හැඟිමක් නොමැති වීමේ ඛේදවාචකය මෙයයි.
 

සුනිල් අල්ගම   2022.08.24

Post a Comment

0 Comments