Ticker

6/recent/ticker-posts

 COP26: යනු කුමක්ද?

COP26  සමුළුවේ නිල පෝස්ටරය

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව වැදගත් වන්නේ ඇයි

2021 නොවැම්බරයේ පැවැත්වෙන මෙම සමුළුවේ මැදහත්කාරක රට එක්සත් රාජධානියයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝවේ පැවැත්වෙන cop26 වැදගත් වන්නේ එමගින් දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා වන රට රටවල සැලසුම් සලකා බැලෙන නිසා ය.  

පසුගිය වසරේ නොවැම්බරයේ මෙම සමුළුව  ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. ඒ සඳහා ලෝක නායකයින් 200 කට අධික ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතව තිබුණි. 

එය 2021 පැවැත්වෙන්නේ ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 21 දක්වාය. මෙහි දී ගනු ලබන ඕනෑම තීරණයක් අපගේ දෛනික කටයුතු කෙරෙහි වැදගත් වනු ඇත. 

 


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ සමුළුව අරඹයි


COP යනු කුමක්ද?

COP යනු Conference of the Parties යන්නෙහි කෙටි යෙදුමයි. පාර්ශවයන්ගේ සම්මේලනය යනු එහි අරුතයි. 1994 දී සියලු රටවල මැදිහත් වීමෙන් සිදුවූ මෙම එකඟතා ගිවිසුම United Nations Framework Convention on Climate Change (UNFCCC) හෙවත් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ව්‍යූහගත සම්මුතිය ලෙස හැඳින්වේ. 


මෙම පොස්ටරයෙන් අවධාරණය කෙරෙන්නේ දේශගුණික වෙනස්වීම් වලට එරෙහිව රටවල් එකමුතුව සටන් කළ යුතු බවයි

අපට COP අවශ්‍ය වන්නේ ඇයි?

මනුෂ්‍යයින් විසින් සිදුකරනු ලබන පොසිල ඉන්ධන විමෝචනය නිසා ලොවා උණුසුම් වෙයි. එවිට සිදුවන දේශගුණික වෙනස්කම් වල බලපෑමෙන් අයිස් ආවරණ දියවී යාම මගින් මුහුදු මට්ටම ඉහළ යයි. තාප තරංග, ජල ගැලීම්, ලැව්ගිනි වැනි සීමාන්තික කාලගුණික තත්ත්ව ලොව පුරා ඇතිවෙයි. පසුගිය දශකය තුළ උණුසුම වඩාත්ම ඉහළ ගොස් ඇති බවට වාර්තා වී ඇති හෙයින් මේ සඳහා වහා පියවර ගත යුතු බවට ලොව සියලුම ආණ්ඩු එකඟත්වය ප්‍රකාශ කර ඇත. 

පෘථිවිය උණුසුම් වෙන්නේ  ඇයි?

පෘථිවිය උණුසුම් වීම සිදුවන්නේ ලෝකයෙන් පිට වන තාපය අභ්‍යවකාශය වෙත විකිරණය වීම  වායුගෝලය මගින් නවතනු ලැබීම නිසා ය. 

හරිතාගාර වායු ලෙස නම් කරනු ලබන සමහර වායු මගින් තාපය පිටවීයාමට අවහිර කරනු ලබයි. එක් විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් carbon dioxide (CO2) වායුවයි. ස්වභාවිකවම මේ වායුව නිකුත් වන නමුත් වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් තුනෙන් එකකට වඩා ඇති වී තිබෙන්නේ මිනිසුන් විසින් කරනු ලබන  ගල් අඟුරු සහ තෙල් වැනි පොසිල ඉන්ධන දහනය මගින් ය.

සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටවල මිනිසුන් පරිසර දූෂණයට නැඹුරු වන්නේ සුළු වශයෙන් නිසා මේ තාක් සිදු වී ඇති තදබල දේශගුණික විපාර්යාස වලට හේතු වූ හරිතාගාර වායු විමෝචනයනට ඔවුන් වගකිව යුතු නැත. කාලගුණය වෙනස් වීම වලට මුහුණ දීමට දැනට ගල් අඟුරු සහ ගංවතුර ආරක්ෂණ පද්ධති තුළින් බල ශක්තිය ලබා ගන්නා දුප්පත් රටවලට සූර්ය කෝෂ වෙත යොමු වීම සඳහා මුල්‍ය ශක්තිය අවශ්‍ය වනු ඇත.

https://www.bbc.co.uk/ ඇසුරින් සකස් කළේ සුනිල් අල්ගම



Post a Comment

0 Comments