ඕපදූප, අපහාස නවතමු!
මේ දිනවල සුපුරුදු වැහි අඳුර කපා මුදු හිරු රැස් පායාගෙන එයි. සොබාදහම එයාකාරයි. නරක තාවකාලිකයි. එය බදාගෙන ආඩපාළි කීම, වැළැපීම මිනිසත්ප බවට තරම් නොවේ. මේ වෙසක් සමයේවත් විශේෂයෙන් සිත තුළ බදාගෙන ඇති බර කරමත තබාගෙන අකර්මණ්‍ය වීමේ කාළකණ්ණි සිරිත අත්හළ යුතුමය.
හදිසි වෙන්න එපා!

අනුන්ට ඇඟිල්ල දිගු කිරීමට පළමු මොහොතකට ආපසු හැරෙන්න. ඔබ ඇතුළාන්තය කෙසේ වන්නේද? එය නිතිපතා කළ යුතුමය.
ලෝකයට බර වූ පෘථග්ජනයින් ලෙස වරින්වර කරදර අපට වද දෙයි. තවත් කෙනෙකුගේ ප්‍රශ්නයක් මානසික වදයක් කර ගැනීමට, එමනිසාම කවුරුත් කැමති නොවෙති. එය යථාර්ථයයි. කුහක රංගනයේ නිරුවතයි.
සැබෑ නිරුවත
සෙලුව හෙවත් නිරුවත යන්න ලජ්ජාශීලී වචන ලෙස බස් වහරට එකතු වී ඇත. යමකුගේ අඩුපාඩු එතුළින් ගම්‍ය වේ. එනයින් කිසිවකුගේ අඩුපාඩු ප්‍රසිද්ධ කිරීම ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමකට සමාන වන්නේ ම ය. එහෙත් බොහෝ දෙනා නොතකන පැත්තක් ද මෙහි ඇත. ලැජ්ජාවට හා අවමානයට පත් කිරීමේ අදහසින් යමකු ප්‍රසිද්ධියේ නිරුවත් කිරීම පාරා වළල්ලක් වන බවය. දියුණු සමාජයක එවැන්නෝ ස්ව කැමැත්තෙන්ම නිරුවත් වෙති. එය එසේ වන්නේ ශිෂ්ට සමාජයක එවන් කටයුත්තක් අශෝභන හා මන්ද මානසිකත්වය ප්‍රකාශයට පත් කෙරෙන්නක් බව පිළිගැනෙන නිසාය.
ප්‍රසිද්ධියේ වමනය කිරීමක්!

සමාජ උන්නතියට හෝ රසාස්වාදයට පෑන හසුරුවන්න. සමාජ ඛේදවාචකයක් වන ඉරිසියාව තෘප්ත කිරීම සඳහා ජන සන්නිවේදනය හා ඒ ආශ්‍රිත සමාජ මාධ්‍ය යොදා ගැනීම සමාජ දූෂණයට හේතු වේ.

0 Comments