Ticker

6/recent/ticker-posts

ලොව විසූ සුවිශේෂී කාන්තාවෝ

  ලොව විසූ සුවිශේෂි කාන්තාවන් කිහිප දෙනෙක්

කාන්තාවන්ගේ විශිෂ්ටත්වය ගැන ඔබ දැනුවත් කිරීම ලෝ වටා පුවත් කියවන කාන්තා පාඨකයින් වෙනුවෙන් ඉටුකරන යුතුකමක් වශයෙන් සලකනවා. අද ඉදිරිපත් කරන්නේ ලොව විසූ එවන් සුවිශේෂී කාන්තාවන් 6 දෙනෙකුගේ වඩා ප්‍රකට නොවූ තොරතුරුයි. අප ඉතිහාසය දෙස බැලූ විට ස්ත්‍රිත්වය උතුම් බවට පත්කිරීම සඳහා අතීතයට වඩා කාන්තාවන් දායක වී ඇති බව පෙනේ. සතුටට කරුණ නම් මෙම දායකත්වය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යෑමයි. අප රටෙහි කාන්තාවන්ටද මෙවන් අයගේ තොරතුරු ගැන දැනගැනීම විශාල ශක්තියක් වනු ඇත. 

1. Angela Davis ඇන්ජෙලා ඩේවිස්

ඇන්ජෙලා ඩේවිස් කියන්නේ මහාචාර්ය වරියක්. 1970 ගණන් වල සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක් තිබූ බව සමහර විට ඔබ අසා ඇති. ඇය මෙම අරගලයේ ඉදිරිපෙළ සාමාජිකාවක්. සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් වූ පෙළපාලි කිහිපයකට සහභාගී වීමේ ප්‍රතිඵලයක් ලෙස දහඅට මසක සිරදඬුවම් විඳීමට තරම් ඇය නිර්භීත වූවාය. එහෙත් ඉන් අධෛර්වත් නොවූ ඇය රට පුරා සංචාරය කරමින් දේශන පවත්වමින් හා පොත් ලියමින් ඇමෙරිකාවේ කළු ජාතිකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කළාය.



2.   Kate Warne කේට් වෝන්

කේට් වෝන්ගේ විශිෂ්ටත්වය වනුයේ ඇය කාන්තා වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකළ මෙහෙයය. ඇමෙරිකාවේ පැවති සිවිල් යුධ සමයේදී කාන්තාවන් හුදෙක් නිවෙස්වලටම සීමා විය. එවකට එරට පිළිගනු ලැබුයේ කාන්තාවන්ට රැකියා සාර්ථකව ඉටු නොකළ හැකි බවය. මීට එරෙහිව නැගී සිටි 23 හැවිරිදි කේට් වෝන් 1856 ඇමෙරිකාවේ ප්‍රථම රහස් පරීක්ෂක වරිය වශයෙන් පත්වීම් ලැබීමට සමත් වූවාය. අවාසනාවන්ත ලෙස වයස අවුරුදු 35 දී ඇය 1868 වසරේදී මිය ගියත් ඇගේ සේවා කාලය තුළ රහස් පරීක්ෂකවරියක ලෙස කීර්තිමත් නාමයක් ඇති කරමින් ජනාධිපති අපේක්ෂක ඒබ්‍රහම් ලින්කන්ගේ දිවි බේරා දීම සඳහා වූ රහසිගත මෙහෙයුමට සහභාගී වූවාය.

                                              


3.   Sadako Ogata සඩාකෝ ඔගාටා

ජපන් ජාතික කාන්තාවක වූ සඩාකෝ ඔගාටා සිය සම්පූර්ණ ජීවිත කාලයම සිය රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ වී කටයුතු කළාය. 1982-1985 අතර කාලයේදී ඇය ජපානයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය විය. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සර්ණාගතයින් සඳහා කොමසාරිස්වරිය ලෙස පත්වීම් ලැබූ ඇය එම ධුරයේ 1991 සිට 2000 දක්වා කටයුතු කළාය. ආසියානු සර්ණාගතයින්ගේ තත්වය පිළිබඳව ඇය පොත් කිහිපයක්ම ප්‍රකාශයට පත් කළාය.

 


4.   Nellie Bly නෙලී බ්ලයි

ඇය ලොව ප්‍රථම ගවේෂණාත්මක මාධ්‍ය වේදිනියයි. ඇමෙරිකාවේ පිහිටුවා ඇති මානසික සෞඛ්‍ය කඳවුරු වල වෙසෙන සරණාගතයින් අත්විඳින අනේක විධ දුක් ගැහැට ලොවට හෙළිදරව් කිරීම ඇගේ තවත් එඩිතර මෙහෙයුමකි. ඕ ස්වෙච්ඡාවෙන්ම සරණාගත මානසික සෞඛ්‍ය කඳවුරක දින දහයක් ගත කළාය. ඇය එහි දී ලබාගත් අත්දැකීම් “උමතු නිවාසයක දින දහයක්” යන මැයෙන් පොතක් වශයෙන් පළ කළාය. මේ හෙළිකිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරුණු අතර ඉන්පසු සරණාගතයින්ට වඩා හොඳ සේවාවක් ලබාගැනීමේ අවස්ථාව හිමි විය.



 

5.   Alice Roosevelt ඇලිස් රූස්වෙල්ට්

ඇමෙරිකාවේ 26 වැනි ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට්ගේ දියණිය වූ ඇලිස් රූස්වෙල්ට් කුඩා කළ සිටම කාන්තාවන්ට පනවා තිබූ තහංචි වලට විරුද්ධ වූවාය. සිගරට් පානය කළ ඇය සර්පයකුද ඇතිදැඩි කළාය.



 

19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් අවධියේදී ඇමෙරිකාවේ පැවති කාන්තාවන් වෙනුවෙන් පනවා තිබූ දැඩි තහංචි වලට ඇයගෙන් එල්ල වූයේ දැඩි බලපෑමකි.

 

 

සුනිල් අල්ගම 2022.09.12   

Post a Comment

0 Comments