Ticker

6/recent/ticker-posts

නවලිය නැවතත් පෙරමුණේ


2018 වසරේ දී පසුබෑමකට ලක් වි තිබූ නවලිය පුවත්පත 2018 මැයි මස අග දී එහි කර්තෘවරිය ලෙස නව පත්වීම ලද හරින්දි ලියනගේ ගේ ආගමනයත් සමගම නවතම දිසාවකට ගමන් අරඹා ඇත




කාන්තාවන්ටම වෙන් වූ පුවත්පතක් ලෙස පැවති එම පුවත්පතට දඟකාරී නම් තවත් අතිරේක පුවත්පතක් අරඹින් ලොව වටා අසිරිය නමින් වූ යොවුන් වියේ පසුවන්නන්ගේ විනෝදාස්වාදය ගෙන නව ලිපි මාලාවක් සහ වෙනත් ප්‍රබෝධමත් ලිපිවලින් සපිරි දඟකාරී පුවත්පතින් ඇරඹුණු එම පරිවර්තනය සිඟිත්තන් සඳහා වෙනම පත්තරයක්, අධ්‍යාපනය සඳහා ලිපි පෙළක්, විශේෂ ක්ෂේත්‍ර අරභයා පුංචි පොත් පිංචක් ලෙස දිනෙන් දින වර්ධනය වෙමින් 2020 වසරේදී ඩිජිටල්කරණය ද ජයගත් අතර යූ නාලිකාවකට අවතීර්ණ වීමට ද එම කතුවරිය ප්‍රමුඛ ස්ථිර හා නිදහස් මාධ්‍ය වේදීන් කණ්ඩායමට හැකියාව ලැබී ඇත.

2020 වසරේ ඇරැඹි දුර්භාග්‍ය වසංගත තත්වය හමුවේ වුවද නො සැලී ඉදිරියට යමින් පුවත්පත් සංසරණයට ඇති වූ බාධා හමුවේ පිටු ප්‍රමාණය අඩු වුවත් එහි ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වාගෙන යමින් නැවතත් කාන්තා පුවත්පත් අතර පෙරමුණ කරා නවලිය ගමන් කරමින් සිටින්නීය. සෑම සඳුදා දිනෙකම නිකුත්වන නවලිය පුවත්පත සිකුරාදා දිනයේ දී වෙළඳපොළ වෙත පිවිසේ. 



නවලියට ලොව වටා ප්‍රවෘත්ති (lowawataprawurthi.blogspot.com) බ්ලොග් අඩවිය වෙතින් උණුසම් ආසිරි!
සුනිල් අල්ගම




Post a Comment

0 Comments