Ticker

6/recent/ticker-posts

තෙල් ටැංකිය පුපුරයි

සියෙරා ලියොන් හි අගනුවර වන ෆ්‍රීටවුන් හි  පිටත පුපුරා ගිය තෙල් ටැංකිය

බටහිර අප්‍රිකානු බලධාරීන්ගේ නිවේදනයකට අනුව නොවැම්බර් 5 වැනි සිකුරාදා තෙල් ටැංකියක් පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 91 දෙනෙකු මියගොස් ඇත. මෙය සිදු වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන සියෙරාලියොන් හි අගනගරය වන ෆ්‍රීටවුන්හි දීය. 

සියෙරාලියොන් හි ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියේ සන්නිවේදන අධ්‍යක්ෂ මොහොමඩ් ලැම්රේන් බාහ් CNN සේවයට පවසා ඇති අන්දමට පිපිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ පසුවන පුද්ගලයෝ ද වෙති. 

බාහ් වැඩිදුර සඳහන් කරන අන්දමට තුවාල ලත් පුද්ගලයින් රෝහල් කරා ගෙනගොස් මිය ගිය සිරුරු එකතු කිරීමේන් පසුව මුදා ගැනිමේ මෙහෙයුම් අවසන් කර ඇත. 

බටහිර අප්‍රිකානු රටින් ලැබෙන ආරංචි වලට අනුව පිපිරීම නිසා පුද්ගලයින් දුසිම් ගණනක් මියගොස් ඇත.

මුහුණු හමුව වෙත ප්‍රකාශයක් කළ නගරාධිපති  ය්වෝන් අකි-සවියර් කියා සිටියේ  වෙලින්බාටන්යිහි බූරේ පාරෙහි  ඉන්ධන ගෙනයමින් තිබූ ට්‍රක් රථයක්  මාර්ගයේ ගමන් කළ වෙනත් ට්‍රක් රථයක් හා ගැටීමෙන් සිදු වූ පිපිරීම ගැන තමා කනගාටු වන බවයි. 
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ සහ ඡායාරූප දර්ශන කම්පා එළවන සුළු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. "මේ පිපිරීමට ගොදුරු වී මියගිය සියලු දෙනා සමාදානයේ සැතපේවා" ඒ ඔහුගේ පැතුමයි. 

CNN ප්‍රවෘත්ති සේවය (2021.11.06) ඇසුරින් සකස් කළේ සුනිල් අල්ගම

Post a Comment

0 Comments