Ticker

6/recent/ticker-posts

                      අපි යහපත් සංස්කෘතියක් හදමු!                      

    



 

 

අලසයින්ගේ පහත් වින්දනය

 

ඇත්තටම වැඩකට නැති මිනිසුන් කරන්නේ කාගේ හෝ ශාරීරික හෝ ජානමය වෙනසකට හෝ යම් පුරුද්දකට හෝ අතීත සිද්ධියකට සමච්චල් කරමින් තුච්ඡ හා බොළඳ තෘප්තියක් ලබා ගැනීමයි.

 

වැඩකට නැතිව මහමඟ නැවතී ඒකරාශීවීම

 

විශේෂයෙන් මහමඟ වැඩකට නැතිව කිහිප දෙනෙකු එකතු වී පාරවල යන එන අයගේ ඉදිරිපස හා පසු පස දෙස බලා සමච්චල් කරමින් ශබ්ද නගමින් හිඳ කරන්නේ සමාජ විරෝධී වැඩකි. සමහර ත්‍රී රෝධ අංගනවලද මෙම තත්වය ඇතත් ඒ ඉතා දුර්ලභ ය.

 

සංස්කෘතිය එක තැන පල් වෙන්නක් නොවේ

 

ගමේ උතුම් සංස්කෘතිය ලෙස පාරමිබාන අතීතයේ එක දෙක කර වපුරන ඕපාදූප, කැළෑ පත්තර, ළිඳ ළඟ අවලාද, නාන තොටේ සිත් රිදවන කතා, පොදු හමුවීම් වල දෙපැත්ත කැපෙන කතා ආදියත්, එයත් ඉක්මවා යමින් තමුන්ට වඩා ඉහළින් යන අය කෙරෙහි ඉරිසියා පරවශ කතා ආදියත් නොඅඩු බව සත්‍යයි. ඒ බව මාධ්‍ය තුළින් හා රංග කලාව තුළින්ද, ග්‍රන්ථ තුළින්ද වරින්වර හෙළිදරව් වෙයි.

 

කනගාටුවට කරුණක්

 

එම අයහපත් සමාජානුයෝජනය අදටත් විද්‍යාමාන වෙයි. ප්‍රධාන වරද වන්නේ උගතුන් යයි කියාගන්නා සමහරු මේවාට සුදුහුණු ගාමින් රැක ගැනීමට තැත් කිරීමයි.

රටෙක දියුණුව චින්තනය තුළ රැඳෙයි

රටක දියුණුවට චින්තන වෙනස සමග බැඳුණු යහපත් සංස්කෘති හේතුවන්නා සේ නොදියුණු බවට, ඕපාදූප, මඩ ප්‍රචාර කරමින් කාලය කා දැමීම, ඩයකට ආවත්, වාහනයක් පැදවූවත්, පෝලිමක සිටියත් තමුන්ගේ වාරය එනතෙක් නොසිට හදිසි වීම ආදී බොහෝ දුර්ගුණ බද්ධය.

වරද අනුන්ගේ නොව තමුන්ගේ ම ය

සුද්දාට හෝ විවෘත ආර්ථිකයට බැණ වදිමින්, බොරු කියමින්, අනුන්ගේ වැරදිම සෙවීම සහ හොඳ විකෘති කිරීම ඔඩු දිවූ සංස්කෘතියක් තුළ අඩුපාඩු හදාගැනීමට ඉඩක් ඇහිරෙයි. එය පාසල් ළමුන් තුළින්ම ප්‍රකටය. එහෙත් තනි තනි අප වෙනස් විය යුතු ය.

 

අයහපත් නව ප්‍රවණතා

 

යූ ටියුබ් නාළිකා ඇතුළු සමාජ මාධ්‍ය පරිහරණයට අවතීර්ණ වී සිටින යට කී පහත් සංස්කෘතික ලක්ෂණ ඇත්තවුන් නිසා අයහපත් ගති ලක්ෂණ නවීකරණය වෙමින් තීව්‍ර වීම ඇරඹී ඇත.

 

සතුටට කරුණක්

 

එහෙත් සතුටට කරුණ නම් සම්ප්‍රදායිවක වහල් බැමි වලට එරෙහි සිතන, නව චින්තනයක් බිහිවෙමින් පැවතීමය. ඔවුන් කුමන ආගමක් ඇදහූවත්, කුමන ජාතියකට අයත් වූවත් අන්‍යෝන්‍ය පිළිගැනීම ඇත. ජාති, ආගම්, කුල භේද සතයකටවත් මායිම් නොකරයි.

 

සෝබනයට වඩා සිතන දෙය වැදගත්

 

ප්‍රදර්ශනාත්මක උදව් කිරීම් වලට වඩා සිතින් යහපත් වීම සමාජ පරිවර්තනයක මගයි.

යහපත් චින්තන පරිවර්තනය ඇරඹී ඇත

කූට දේශපාලනයක් රිංගීම නිසා රාජ්‍ය දේපොළ අත්පත්කර ගැනීම්, සමාජ නිදහසට බාධා කිරීම් ආදියෙන් ලොප් වුණු ගෝටාගෝගමින් ඇරැඹි අවිහිංසාවාදී, අන්‍යෝන්‍ය පිළිගැනීම අගයන ඒ නව සමාජ චින්තනය තවමත් සිත් තුළ වර්ධනය වේ.

 

වෙනසට වයස භේදයක් නැහැ

එසේ වන්නේ තරුණ පරපුර අතර පමණක් යැයි යමකු පැවසුවහොත් ඒ මුසාවකි.

උතුම් සංස්කෘතියක නාකීන්, හම්පඩයින්, පොන්නයින්, පිස්සන් වැනි ඇමතුම් කරන මනුෂ්‍යත්වය නොහඳුනන්නන් නොසිටිය යුතු බව යහපත් වීමේ අරමුණු ඇතිකර ගන්නෝ විශ්වාස කරති.

 

සුනිල් අල්ගම (නිදහස් මාධ්‍යෙව්දී) 2024 ජූනි 21

 


Post a Comment

0 Comments